
මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 04කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 281කි.
රුපියල් 323ක්ව පැවැති සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 06කින්ය.
ඒ අනුව එහි නව මිල රුපියල් 329ක් වනු ඇත.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මිල රුපියලකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 293ක් වේ.
ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල සංශෝධනය නොකළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.
ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 182ක් වන අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 340ක් වේ.




