
කුවේට්හිදී අමෙරිකානු ගුවන් කඳවුරකට ඉරාන මිසයිල ප්රහාරයක් එල්ල වීමත් සමඟ ඇමරිකානු ප්රහාරක ජෙට් යානයක් කඩා වැටී තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අලි අල් සලෙම් (Ali Al Salem) අමෙරිකානු කඳවුරේ සිට සැතපුම් හයක් පමණ දුරින්, යානයේ එන්ජිම ගිනි ගනිමින් එය පහළට ඇද වැටෙන අයුරු වීඩියෝ දර්ශනවල සටහන්ව ඇත.
එහි සිටි නියමුවා යානයෙන් ඉවතට පැන ආරක්ෂිතව ගොඩබැස ඇති අතර පසුව ප්රදේශවාසීන් ඔහුට සහය වී ඇති නමුත්, යානයේ සිටි අවි පද්ධති ක්රියාකරුගේ තත්ත්වය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
මෙම යානය කඩා වැටීමට හේතුව ඉරාන මිසයිල ප්රහාරයක්ද, නැතහොත් කාර්මික දෝෂයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.
මෙම මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසුව අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.




