
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කාමේනිගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (05) උදෑසන ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් තිබුණි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඉරාන නායකයාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට මේ වනවිට කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ විශේෂ වැඩසටහනක් ක්රියාත්මක කර තිබේ.
ඒ අනුව රනිල් වික්රමසිංහ මහතා ද එහි ගොස් ශෝක පණිවුඩයක් සටහන් කර ඇත.
රනිල් වික්රමසිංහ මහතා ඉන් අනතුරුව තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත සිය ශෝකය පළ කර තිබුණි.




