
ඉන්දියානු පිරිපහදුකරුවන්ට රුසියානු තෙල් මිලදී ගැනීමට අවසර ලබාදෙමින් අමෙරිකාව විසින් ඉන්දියාවට දින 30ක සහන කාලයක් ලබාදී තිබේ.

‘2026 මාර්තු 5 වන දින සිට බලපැවැත්වෙන පරිදි රුසියානු සමූහාණ්ඩුවට අයත් බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන ඉන්දියාව තුළ බෙදා හැරීමට සහ විකිණීමට අවසර දීම’ යනුවෙන් අදාළ අවසරය අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් නිකුත් කර ඇත.
ඒ අනුව අදාළ ගනුදෙනු එළැඹෙන අප්‍රේල් 3 වනදා දක්වා සිදුකිරීමට අවසර දී ඇති බව එහි සඳහන්ය.
ගෝලීය තෙල් සැපයුම්වලින් 20%ක් හසුරුවන සමුද්‍රීය මුරපොළක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කිරීමත්, ගල්ෆ් කලාපයේ ප්‍රධාන තෙල් බිම්වලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග පුරා තෙල් නිෂ්පාදනයට මේ වනවිට බලපෑම් එල්ල වී තිබේ.
ඒ අනුව අමෙරිකාවේ මෙම සහනය ඉන්දියාවේ තීරණාත්මක බලශක්ති සැපයුම් ප්‍රවේශයට තාවකාලික තල්ලුවක් වනු ඇති බව සඳහන්.




