
ශ්‍රී ලංකාව අවට තවදුරටත් මිලිටරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ලංකාව ඇමරිකා එක්සත් ජනපදයෙන් සහතිකයක් ලබා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඉන්දියන් සාගර සුවිශේෂී ආර්ථික කලාපයේ (EEZ) ඇමරිකා සබ්මැරීනයක් මගින් ඉරාන නෞකාවක් ගිල්වා දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දිගින් දිගටම නිහඬව සිටීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය කනස්සල්ල පළ කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් සාගර සුවිශේෂී ආර්ථික කලාපය ලාංකික වාණිජ අවශ්‍යතා කෙරෙහි ද අහිතකර බලපෑමක් ඇති කරන යුද කලාපයක් බවට පත් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්ය.
මෙවැනි කාරණා නිසා ජීවන වියදම වැඩිවීම ඇතුළුව රටේ ආර්ථිකයට බලපාන නැව්ගත කිරීමේ පිරිවැය සහ රක්ෂණය ගාස්තු වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.




