
ජාත්‍යන්තර මුහුදු සීමාවේ තිබූ ඉරාන යුද නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර නොදීම හේතුවෙන් මරණ සිදු වූ බවට විපක්ෂය නඟන චෝදනා අතිශය මිලේච්ඡ සහ අමානුෂික බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හසාරා ලියනගේ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුව අමතමිනි.
අදාළ ඉරාන යුද නෞකාව පැය එකොළහක කාලයක් ජාත්‍යන්තර මුහුදු සීමාවේ රැඳී සිටියදී, රජය ඊට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබා නොදුන් බවට විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරති.
ලෝක යුදමය වාතාවරණයක් පවතින මෙවැනි අවස්ථාවක, විපක්ෂය උත්සාහ කරන්නේ එම යුද නෞකාව ගාලු වරායට ගෙන්වා ගැනීමටදැයි ඇය ප්‍රශ්න කළාය.
මෙවැනි ප්‍රකාශ හුදෙක් දේශපාලන වාසි තකා සිදුකරන අමානුෂික ප්‍රකාශ බවත්, මේ හරහා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පටු දේශපාලන ස්වරූපයක් ගන්නා බවත් ඇය අවධාරණය කළාය.
විපක්ෂයේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරිය, වගකිවයුතු දේශපාලනඥයන් ලෙස මෙවැනි සංවේදී කරුණු පිළිබඳ අදහස් දැක්වීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවද පෙන්වා දුන්නාය.




