
මධ්‍යම කඳුකරයේ ජලවිදුලිබලාගාර ජලාශ පිහිටි ප්‍රදේශවලට මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාළගුණික තත්වය හේතුවෙන් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සීඝ්රයෙන් පහත බසිමින් පවති.

මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම අද (08) දා පෙ.ව. 06.00 වන විට පිළිවෙලින් පිටාර මට්ටමේ සිට අඩි 10 ක් හා 15 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනෙරුවෝ පැවසූහ.
ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැන්යෝන්, විමලසුරේන්ද්‍ර හා බ්‍රෝඩ්ලන්ඩ් යන විදුලිබලාගාර සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයීම සිදු කෙරේ.
මධ්‍යම කඳුකරයට පවතින දැඩි වියළි කාළගුණික තත්වයත් සමග සංවිධානාත්මක පිරිස් විසින් ජලවිදුලිබලාගාර ජල පෝෂක ප්‍රදේශවල පිහිටි රක්ෂිත වනාන්තර වලට හා මානා පතන් වලට මේ දිනවල සිදු කරන ගිනි තැබීම් හේතුවෙන් ජලාශ ජලමට්ටම සීඝ්‍ර යෙන් පහත බැසීමට හේතුවක් වී ඇති බව පරිසරවේදීහූ හා ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.




