
ජාතික ආරක්ෂාව සහ ස්වෛරිත්වය සුරක්ෂිත වන ආකාරයට ජනතාවගේ ආරක්ෂාවට මුල්තැන දෙමින් රජය මේ මොහොතේ තීරණ ගන්නා බවත්, පසුගිය සතිය තුළ ඒ කටයුතු නිවැරදිව කළමනාකරණය කර ගැනීමට සමත් වූ බවත් ආරක්ෂක නියෝජ්‍ය ඇමැති, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මේ තත්ත්වය යටතේ කිසිවකු කලබල විය යුතු නැති බවද අවධාරණය කළ නියෝජ්‍ය ඇමැතිවරයා, භූ-දේශපාලනික තත්ත්ව පිළිබඳ අවබෝධයෙන් මෙහිදී තීන්දු තීරණ ගන්නා බවද සඳහන් කළේය.
මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුද්ධය සම්බන්ධයෙන් අවශ්‍ය පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් රටට ඇති විය හැකි බලපෑම් ගැන නිරන්තර අවධානයෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
රජය ඉතා වගකීමෙන් මේ කටයුතු කළමනාකරණය කරමින් සිටින බවත් නියෝජ්‍ය ඇමැතිවරයා අප කළ විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.




