
ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ IRIS DENA නෞකාවේ සිට ජීවිතක්ෂයට පත්වූ ඉරාන නාවිකයින් 84 දෙනාගේ මළසිරුරු අද දිනයේ ඉරානය වෙත පිටත්කර යැවීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එම අමාත්‍යාංශය සඳහන් කළේ දේහයන් රැගත් විශේෂ ගුවන් යානයක් අද (13) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ඉරානය බලා පිටත්වයාමට සූදානම්ව ඇති බවය.
මෙරට ඉරාන තානාපති කාර්යාලය සම්බන්ධීකරණය යටතේ මිය ගිය නාවිකයින්ගේ සිරුරු පිටත්කර යැවීම සිදුකෙරේ.




