
ඉරාකය තුළට කඩා වැටුණ අමෙරිකානු හමුදාවට අයත් ‘Boeing KC-135 Stratotanker’යානයේ සිටි කාර්යය මණ්ඩලයෙන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියාගේ ප්‍රකාශයක් උපුටාදක්වමින් එම මාධ්‍ය වාර්තා කළේ, අදාළ යානය කඩා වැටෙනවිට එහි නිලධාරින් හය දෙනෙකු සිට ඇති බවය.
අමෙරිකානු හමුදාවට අයත් මෙම යානය ඉරාකයේ ‘The Islamic Resistance in Iraq’ නමැති සංවිධානයක් විසින් බිම හෙළා ඇති බවට සඳහන් වේ.
එම සංවිධානය නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, තම රටේ ස්වෛරීභාවය සහ ගුවන් අවකාශය ආරක්ෂා කිරීම සඳහා KC-135 ගුවන් යානයට වෙඩි තැබූ බවය.




