
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි අතර දුරකථන සංවාදයක් ඊයේ (13) සිදුකර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශය සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.
එම සංවාදයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය සිය රටට එරෙහිව සිදු කරනු ලබන හමුදා මෙහෙයුම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විජිත හේරත් මහතාට දැනුම්දුන් බව ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත.
IRIS Dena නෞකාවේ සිටි නාවිකයන් මුදා ගැනීම සහා මිය ගිය අයගේ මළ සිරුරු නැවතත් සිය රටට ලබාදීම සම්බන්ධයෙන් ද සෙයිද් අබ්බාස් අරග්චි ශ්‍රී ලංකාවට සිය කෘතවේදය පළ කළ බව අදාළ සටහනේ දැක්වෙයි.




