
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක් දැනට දරිද්‍රතාවයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

දරිද්‍රතාවයෙන් පීඩාවට පත් වූවන්ගෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන බවත්, පළමුව ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කළ යුතු බවත් විෂය භාර අමාත්‍ය උපාලි පන්නිලගේ අවධාරණය කළේය.
සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම දරිද්‍රතාවට හේතු හඳුනාගත යුතු බවත්, ඒ අනුව ප්‍රජා සංවර්ධන කවුන්සිල නියෝජිතයන් ඒකාබද්ධව සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මැදපෙරදිග පවතින මිලිටරි ආතතීන් ගෝලීය ආර්ථිකයට යම් යම් බලපෑම් ඇති කර ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
කෙසේවෙතත්, පසුගිය මාස 15 තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගත් පියවර ශ්‍රී ලංකාවට ඇති බලපෑම් අවම කිරීමට උපකාරී වී ඇති බව ඔහු සඳහන් කළේය.
එම කාලය තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර නොගත්තේ නම්, එය අතීතයේ අත්විඳින ලද ‘පෝලිම් යුගයකට’ හේතු විය හැකි බව ද අමාත්‍ය පන්නිලගේ අවධාරණය කළේය.




