
රජය විසින් ඉන්ධන බෙදාහැරිම සඳහා QR කේත ක්‍රමය ක්‍රියාත්මක කිරීම සාධාරණ හා අවශ්‍ය තීරණයක් බව හිටපු මුදල් අමාත්‍යවරයකු වන අලි සබ්රි පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සබ්රි ඒ සම්බන්ධයෙන් මෙසේ පවසා ඇත.
‘QR කේත ක්‍රමය ක්‍රියාත්මක කිරීම සාධාරණ හා අවශ්‍ය තීරණයකි. ශ්‍රී ලංකාවට ඉහළ යන ඉන්ධන බිලක් හෝ වටිනා විදේශ විනිමය සංචිත තවදුරටත් ඛාදනය වීම දරාගත නොහැක.
කෙසේ වෙතත්, වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පෙර අලුතින් ලියාපදිංචි කරන ලද වාහන QR කේත පද්ධතියට ඒකාබද්ධ කිරීම වඩා හොඳින් කළමනාකරණය කළ හැකිව තිබිණි.
මෙම පරතරය දැන් ඉක්මනින් විසඳිය යුතුය. ඉක්මනින් විසඳා නොගතහොත්, එය මහජනතාව අතර අනවශ්‍ය අපහසුතාවයක් සහ කලකිරීමක් ඇති කිරීමේ අවදානමක් ඇත.’




