
QR කේත මත පදනම් වූ ඉන්ධන කළමනාකරණ පද්ධතිය යටතේ වෙන්කර ඇති ඉන්ධන කෝටාව සිය මෙහෙයුම් පවත්වා ගැනීමට ප්‍රමාණවත් නොවන බවට කනස්සල්ල පළකරමින්, එම කෝටාව වැඩි නොකළහොත් විරෝධතා දියත් කරන බවට අනතුරු ත්‍රිරෝද රථ රියදුරෝ අනතුරු අඟවති.

ත්‍රිරෝද රථ සඳහා පද්ධතිය යටතේ දැනට සතියකට ඉන්ධන ලීටර් 15ක් වෙන්කර ඇති බව රියදුරන් සඳහන් කරණ ඇත, සිය ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස වාහනය මත යැපෙන අයට මෙම ලීටර ගණන ප්‍රමාණවත් නොවන බව රියදුරෝ පෙන්වාදෙති.
ත්‍රිරෝද රථ සංගම් පවසන්නේ, රියදුරන්ට සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වීමට සතියකට අවම වශයෙන් ඉන්ධන ලීටර් 35 ක් අවශ්‍ය බවයි.
කෝටාව සංශෝධනය නොකළහොත්, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට ත්‍රිරෝද රථ රියදුරන් සැලසුම් කරන බවට ඔවුහු අනතුරු අඟවති.
මේ අතර, පාසල් ප්‍රවාහන ක්‍රියාකරුවන් සහ පෞද්ගලික බස් ක්‍රියාකරුවන් ඇතුළු අනෙකුත් ප්‍රවාහන අංශ නියෝජිතයන් ද වත්මන් ඉන්ධන කෝටාව නිතිපතා සේවාවන් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන බවට කනස්සල්ල පළකර ඇත.
පාසල් ප්‍රවාහන ක්‍රියාකරුවන් පෙන්වාදෙන්නේ, බස් රථ සඳහා සතියකට ලීටර් 60ක ඩීසල් කෝටාවක් වෙන්කිරීම සිසුන් ප්‍රවාහනය කිරීමට සහ සාමාන්‍ය මාර්ග ගමනාගමනයට ප්‍රමාණවත් නොවන බවත්, මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සඳහා කෝටාව ලීටර් 100 ක් දක්වා වැඩි කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.
මේ අතර, ඉන්ධන වෙන්කිරීම් නොවෙනස්ව පැවතුණහොත්, සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබාදීම හේතුවෙන් ඇතැම් බස් සේවා අඩුකිරීමට සිදුවිය හැකි බවට පෞද්ගලික බස් රථ ක්‍රියාකරුවන් අනතුරු අඟවා ඇත.




