
ඉරානය තම ලෝක කුසලාන පාපන්දු තරග සියල්ලම මෙක්සිකෝවේදී පවත්වන ලෙස FIFA ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඉරාන පාපන්දු කණ්ඩායම සහභාගී වන සියලුම තරග අමෙරිකාව වෙනුවට මෙක්සිකෝවේදී පවත්වන ලෙස ඉරාන පාපන්දු සභාපති මෙහ්දි තාජ් (Mehdi Taj) පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරාන කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ප්‍රකාශ කිරීම නිසා, තම කණ්ඩායම අමෙරිකාවට නොයවන බව ඉරානය පවසා ඇති බව සඳහන් වෙයි.
සැලසුම් කර තිබූ පරිදි ඉරානයේ තරග කිහිපයක් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් සහ සීඇටල් නගරවල පැවැත්වීමට නියමිතව තිබුණි.
ඉරාන ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ වත්මන් ආරක්ෂක තත්ත්වය හමුවේ ඉරාන ක්‍රීඩකයින්ට මෙම තරගාවලියට සහභාගී වීම අපහසු වී ඇති බවයි.




