
2026 ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව අවම සතුටින් සිටින රටවල් අතර ශ්‍රේණිගත කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ යහපැවැත්ම පර්යේෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ මෙම ශ්‍රේණිගත කිරීමේහි ශ්‍රී ලංකාව ලකුණු 4.0 ක් ලබා ගනිමින් 134 වන ස්ථානයේ පසුවෙයි.
2025 වසරේදී 133 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව ඒ අනුව තවත් එක් ස්ථානයක් පහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවට පහතින් සිටින එකම ආසියානු රට ඇෆ්ගනිස්ථානය වේ.
මෙම ශ්‍රේණිගත කිරීමේ ෆින්ලන්තය පළමු ස්ථානයේ පසුවන අතර අයිස්ලන්තය, ඩෙන්මාර්කය, කොස්ටාරිකාව සහ ස්වීඩනය යන රටවල් ප්‍රථම ස්ථාන පහ තුළ ශ්‍රේණිගත කර ඇත.
නෝර්වේ, නෙදර්ලන්තය, ඊශ්‍රායලය, ලක්සම්බර්ග්, ස්විට්සර්ලන්තය, නවසීලන්තය, මෙක්සිකෝව, අයර්ලන්තය, බෙල්ජියම සහ ඕස්ට්‍රේලියාව සතුටින්ම සිටින රටවල් 15 අතරට පැමිණ තිබේ.




