
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ලබන 18 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසී නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නියම කළාය.
මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබුණා.
අල්ලස් කොමිසම පවසන්නේ හිටපු අමාත්‍යවරයා මේ වනවිට සිය දුරකථනය විසන්ධි කර ඇති අතර, ඔහු පදිංචි නිවසටද කිහිප වතාවක් ගියද ඔහුව සොයා ගැනීමට නොහැකි වූ බවයි.
අල්ලස් කොමිසම පසුගියදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ ඉල්ලා සිටියේ රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි. ඒ, ඔහු අල්ලස් කොමිසමේ විමර්ශන සඳහා සහාය දීම මගහරිමින් සිටින බැවිනි.
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ, කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් නීති විරෝධී ලෙස කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදු කිරීමයි. මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස ඔහු නම් කර ඇත.




