
නයිජීරියානු සහ අමෙරිකානු ආරක්ෂක අංශ විසින් එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවකින්, IS සංවිධානයේ දෙවන ඉහළම නායකයා ඇතුළු ත්රස්තවාදීන් 175 දෙනෙකු මියගොස් තිබේ.
ඒ සම්බන්ධයෙන් නයිජීරියාව සහ අමෙරිකා එක්සත් ජනපදය නිල වශයෙන් ප්‍රකාශ කර නිකුත් කර ඇති බව විදෙස් බව වාර්තා වෙයි.

ලොව පුරා ක්‍රියාත්මක වන “වඩාත්ම සක්‍රීය ත්රස්තවාදියා” ලෙස හැඳින්වෙන, IS සංවිධානයේ ගෝලීය මෙහෙයුම් ප්‍රධානී අබු-බිලාල් අල්-මිනුකි (Abu-Bilal al-Minuki) මෙලෙස ඊසානදිග නයිජීරියාවේ දුරස්ථ ගම්මානයකදී ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ මියගොස් ඇත.
2009 වසරේ සිට මෙම කලාපය තුළ බොකෝ හරාම් සහ ඉන් බිඳීගිය IS බටහිර අප්‍රිකානු ශාඛාව විසින් දරුණු සන්නද්ධ අන්තවාදී කැරලි ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව, මෙම වසර 17ක ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 40,000කට අධික සංඛ්‍යාවක් මියගොස්, තවත් මිලියන දෙකකට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව වාර්තා වෙයි.
පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකානු සෙබළුන් නයිජීරියාවට පැමිණියේ උපදේශන සහ පුහුණු කිරීම් සඳහා පමණක් බව ප්‍රකාශ කෙරුණද, මෙම දැවැන්ත ඒකාබද්ධ ප්‍රහාරයත් සමඟ අමෙරිකානු හමුදාවන් සෘජු හා සක්‍රීය ලෙස එහි මිලිටරි මෙහෙයුම්වලට දායක වන බව දැන් තහවුරු වී තිබේ.




