
ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් රාජ්‍ය සේවකයන් සඳහා ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව කැකුළු සහ නාඩු කිලෝ 10 පැකට් දෙකක් ගෙවීමේ ක්‍රමයට ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් යෝජනාවක් තිබෙන බවත් ඒ සඳහා වවුචර්පතක් ලබාදීමට තීරණය කර ඇති බවද අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ,
“ඔන්න රාජ්‍ය සේවකයන්ට හාල් කිලෝ 20ක් දෙන්න හදන්නේ අපි. යෝජනාවක් තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්. රාජ්‍ය සේවකයන්ට ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා. 10 පැකට් දෙකක්. කැකුළු සහ නාඩු. ගෙවීමේ ක්‍රමයට. වවුචර් එකක් දෙනවා. සතොසෙන් සමූපකාරයෙන් ගන්න පුළුවන්. ගොවියගේ බත් ටික කන්න එපැයි හැමෝම.”




