
ලැබෙන පළමු අවස්ථාවේදීම වත්මන් ආණ්ඩුව පරාජයට පත් කිරීමට සියලු දෙනා එක්විය යුතු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු පවසනවා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
වත්මන් ආණ්ඩුව විසින් චණ්ඩිකම් පෙන්වද්දී, සහ අල්ලස් කොමිසම, උසාවිය හා හිරගෙදර ද පෙන්වද්දී නිශ්ශබ්ද විය යුතු නැති බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත්රීවරයා ප්රකාශ කළේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් කොට්ඨාස රැස්වීම් ආරම්භ කිරීමත් සමඟ වත්මන් ආණ්ඩුව බියට පත්වී ඇති බව ද, දැන් ජනාධිපතිවරයා ද රට වටා යාම ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළා.
“සුබ නැකතට – රට අනුරට” යැයි පැවසූ ජනතාව, අවුරුදු දෙකක් යද්දී මේ වන විට “පචයා එනවා, පච අහන්න ලෑස්ති වෙන්න” යනුවෙන් පවසන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.




