
නව ගෝලීය බල තුලනයට මුහුණදීමට තාක්ෂණය පදනම් කරගත් ආර්ථික හා සමාජීය පරිවර්තනයක් අත්යවශ්ය බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ශ්රී ලංකාව තුළ ප්රබල තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට අපොහොසත් වුවහොත්, ඉදිරියේදී බිහිවන නව ගෝලීය බල රටාව තුළ මෙරටට නිසි ස්ථානයක් හිමිකර ගැනීමට නොහැකි වනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ශ්රී ලංකා ජාත්යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 50 වැනි වෙබ්නාර් වැඩසටහනට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ලෝකයේ දේශපාලන හා ආර්ථික බල තුලනය වේගයෙන් වෙනස් වෙමින් පවතින පසුබිමක, ශ්රී ලංකාව ද එම වෙනස්කම්වලට අනුගත වෙමින් සිය ආර්ථික සහ ජාත්යන්තර සබඳතා ශක්තිමත් කරගත යුතු බව ඔහු අවධාරණය කළේය.
නව ලෝක බල රටාවට ශ්රී ලංකාව සූදානම් විය යුතුයි
නව චින්තනය සඳහා වන ඔක්ස්ෆර්ඩ් ආයතනයේ අදහස් උපුටා දක්වමින් රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දුන්නේ, වර්තමානයේ ගෝලීය පාලනය වැඩි වැඩියෙන් බහු-කේන්ද්රීය පද්ධතියක් තුළ ක්රියාත්මක වන ප්රධාන බලවත් කණ්ඩායම් මත රඳා පවතින බවයි.
ඒ අනුව, ලෝක බල තුලනයේ සිදුවන මෙම වෙනස්කම් හඳුනාගෙන ඒවාට ගැළපෙන පරිදි ශ්රී ලංකාව සිය ආර්ථික හා දේශපාලන ප්රතිපත්ති සකස් කරගැනීම අත්යවශ්ය බව ඔහු සඳහන් කළේය.
එසේ නොවුණහොත් ශ්රී ලංකාව බලවත් රටවල බලපෑම්වලට ගොදුරු වීමේ අවදානමක් පවතින බව ද හිටපු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය.
“එසේ නොවුණහොත් අප ලොකු මාළුන්ට ගොදුරු වේවි” යනුවෙන් සඳහන් කළ ඔහු, මෙම අභියෝගයට මුහුණදීම සඳහා තාක්ෂණය උපයෝගී කරගත් නවීකරණය මත පදනම් වූ ආර්ථික හා සමාජීය පරිවර්තනයක් රට තුළ ඇති කළ යුතු බව අවධාරණය කළේය.
ශ්රී ලංකාව සාගරික සැපයුම් කේන්ද්රස්ථානයක් බවට පත්කිරීමේ අවශ්යතාව
නව ගෝලීය බල රටාව තුළ ශ්රී ලංකාවට ශක්තිමත් ස්ථානයක් හිමිකර ගැනීම සඳහා ක්රියාත්මක කළ යුතු ප්රධාන වැඩපිළිවෙළ කිහිපයක් පිළිබඳව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.
ඒ අතර ශ්රී ලංකාව සාගරික සැපයුම් කේන්ද්රස්ථානයක් බවට පත්කිරීම ප්රධාන අවශ්යතාවක් ලෙස ඔහු හඳුන්වා දුන්නේය.
එමෙන්ම, ඉන්දියාව සමඟ සමීප ආර්ථික සහයෝගීතාවක් ගොඩනැගීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
බෙංගාල බොක්ක ආශ්රිත රටවල් සහ සෙසු අග්නිදිග ආසියානු රටවල් සමඟ ශ්රී ලංකාවේ ආර්ථික හා රාජ්යතාන්ත්රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගත යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඇමෙරිකාව, චීනය, රුසියාව සහ ජපානය සමඟ සබඳතා ශක්තිමත් කළ යුතුයි
නව ජාත්යන්තර බල තුලනයට මුහුණදීමේදී ලෝකයේ ප්රධාන බලවතුන් සමඟ පවතින සබඳතා ශක්තිමත් කරගැනීමේ අවශ්යතාව ද රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය.
ඒ අනුව, ඇමෙරිකාව, චීනය සහ රුසියාව යන ප්රධාන බලවතුන් සමඟ මෙන්ම ජපානය සමඟ ද ශ්රී ලංකාවේ සබඳතා තවදුරටත් වර්ධනය කරගත යුතු බව ඔහු සඳහන් කළේය.
මෙම සබඳතා ශක්තිමත් කිරීම නව ගෝලීය බල රටාව තුළ ශ්රී ලංකාවට සිය ස්ථානය තහවුරු කරගැනීම සඳහා වැදගත් වන බව ඔහුගේ අදහසයි.
තාක්ෂණිකව දියුණු නාවික හමුදාවක් ගොඩනැගීමට යෝජනා
කලාපීය ආරක්ෂාව සහ සාගරික කටයුතු සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කළේය.
කොළඹ ආරක්ෂක පදනමේ කටයුතු වේගවත් කිරීමේ අවශ්යතාව පෙන්වා දුන් ඔහු, ශ්රී ලංකාවේ නාවික ආරක්ෂක හැකියාවන් තවදුරටත් වර්ධනය කළ යුතු බව සඳහන් කළේය.
විශේෂයෙන් කුඩා හා මධ්යම ප්රමාණයේ නාවික නෞකා සහිත, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ නාවික හමුදාවක් ගොඩනැගීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
නව ගෝලීය බල රටාව තුළ ශ්රී ලංකාවට මුහුණදීමට සිදුවන අභියෝග සැලකිල්ලට ගනිමින් මෙම ක්ෂේත්රවල සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
“වර්තමානයේ ස්වෛරීභාවය යනු තාක්ෂණයයි”
සිය අදහස් දැක්වීමේදී හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විශේෂයෙන් අවධාරණය කළේ, වර්තමාන ලෝකයේ රටක ස්වෛරීභාවය සහ තාක්ෂණික හැකියාව අතර සමීප සම්බන්ධතාවක් පවතින බවයි.
“වර්තමානයේ ස්වෛරීභාවය යනු තාක්ෂණයයි” යනුවෙන් ඔහු එහිදී ප්රකාශ කළේය.
ඒ අනුව, ශ්රී ලංකාවට නව ලෝක බල රටාව තුළ ශක්තිමත්ව ඉදිරියට යාමට නම් තාක්ෂණික නවීකරණය, ආර්ථික තරගකාරිත්වය, කලාපීය සහයෝගීතාව සහ ජාත්යන්තර සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි ප්රමුඛ අවධානයක් යොමුකළ යුතු බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.




