
159 වන පොලිස් දිනය සැමරීම නිමිත්තෙන් පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින නීති විරෝධී ගිනි අවි සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් මැඩලීමේ අවශ්‍යතාවය පිළිබඳව දැඩිව අවධාරණය කළේය.
ජනාධිපතිවරයා සිය කතාවේදී පැහැදිලි කළේ, නීති විරෝධී ගිනි අවි රට පුරා තැනින් තැන ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙම තත්ත්වය හේතුවෙන් ඕනෑම මොහොතක, ඕනෑම ස්ථානයක, ඕනෑම පුද්ගලයෙකු ගොදුරු විය හැකිදෝ යන සැකය ජනතාව තුළ ඇති වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම නීති විරෝධී ගිනි අවි සන්තකයේ තබාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් හඹාගෙන ගොස් ඔවුන් විනාශ කිරීමේ වගකීම පොලීසියට පැවරී ඇති බව දිසානායක මහතා අවධාරණය කළේය.




