
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාස හයක් පුරා අංක තහඩු මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන්, අලුතින් ලියාපදිංචි කරන ලද වාහන 100,000 කට අධික සංඛ්‍යාවකට අංක තහඩු නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත.
දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙකුට අනුව, මෙම වාහන අතරින් වැඩිම සංඛ්‍යාවක් වන යතුරුපැදි ය.
අංක තහඩු මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් පුද්ගලික ආයතන මගින් වාහන අංක තහඩු සකස් කිරීම සඳහා අය කරන ගාස්තු වල විශාල වැඩිවීමක් සිදුව ඇති බව වාර්තා වේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අංක තහඩු මුද්‍රණය කිරීමේ කාර්යය ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා පුද්ගලික සමාගමකට පැවරීමට නියමිත බව ද වාර්තා වී ඇත.




