
වර්තමාන ආණ්ඩුව බලයට පත් නොවුනේ නම් අද වන විට තංගල්ල පොලේද අයිස් විකුණනු ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
“කවදාවත් නැතුව තොග පිටින් මත්ද්‍රව්‍ය අල්ලන නිසා මේ සාකච්ඡාව ඇතිවී තිබෙනවා.මේවා පිටිපස්සේ ඉන්නෙ කවුද?ඔක්කොම ඉදිරියට හෙලි වේවි.
නමුත් එක පක්ෂයක් විතරක් මේවා අල්ලන වාරයක් පාසා මාධ්‍ය සාකච්ඡා තියනවා.
හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේකටද? අනෙක ඔක්කොම දේවල් අහුවෙන්නේ එක පැත්තකින් නේ”




