
පවතින ක්‍රමය වෙනස් කර යුක්තිය සාධාරණත්වය නීතිය රජයන යුගයක් ඇති කරන බවට වත්මන් රජය පොරොන්දු වී ගෙන ආ නව ක්‍රමය තුළ මිනීමරු සංස්කෘතිය ප්‍රචලිත වී ඝාතන ක්‍රියාදාම වර්ධනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තර්ජනය ගර්ජනය පතුරා රාජ්‍ය තුළ ඒකාධිපති ක්‍රමය ප්‍රචලිත කරවන්න කටයුතු කරන බවත් දැන් රාජ්‍ය කේන්ද්‍ර කර ගත් ඒකාධිපති ක්‍රමයක් නිර්මාණය කර ප්රජාතන්ත්රවාදය යටපත් කරවන්න හදන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මට්ටක්කුලිය සම්මන්ත්‍රණපුර පැවැති ජන හමුවක් අමතමිනි.
වැලිගම සමගි ජන බලවේගයේ සභාපතිවරයාට ජීවිත තර්ජන ඇති බවට පොලිස්පතිවරයාට ලිඛිතව ලිව්වත් ආරක්ෂාව නොදුන් නිසා අවසානයේ ඝාතකයන්ගේ ගොදුරක් බවට පත් වූ බවත්, ජගත් විතාන මහතාට පවා ජීවිත තර්ජන එල්ල වී ඇති බවත් මේ ජීවිත තර්ජන පවා හෙළි කළේ පොලිසිය නොව ජගත් විතාන මහතා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
වැලිගම සහ මතුගම සිදුවීම් දෙකේ සමානකම් ඇති බවත් මේ දෙකේම සභාපතිවරුන් සමගි ජන බලවේගයේ බවත් එදා මේ සභාපතිකම් ගන්න රජය කොතරම් උත්සාහ කළත් නොහැකි වූ බවත් මේ ඝාතන කුමන්ත්‍රණ සහ මේ සිදුවීම් අතර සම්බන්ධයක් ඇත්දැයි සැකසහිත බවත් මේ ඝාතන රැල්ලට හේතුව නීතිය හා සාමය ස්ථාපිත කරන්න රජයට ඇති නොහැකියාව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම විපක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සභාපතිවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිතවල වගකීම රජය සතු බවත් ආරක්ෂාව තහවුරු කරන්න කියා කථානායකවරයාට දැනුම් දුන්නත් තවමත් ප්‍රතිචාර නොමැති බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හානියක් වුවහොත් එහි වගකීම රජයේ බැවින් බොරුව පසෙකලා නීතිය හා සාමය ඇති කරන්න පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.




