
“විස මත්ද්‍රව්‍ය ගෙනාවේ දේශපාලඥයෝ, ඔත්තු දෙන්න තිබේ නම් කෙළින්ම මට දෙන්න” යයි නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසයි.

මනෝ වෛද්‍යවරුන්ගේ දේශන ගම්වලට අවශ්‍ය වන බවත්, ඒවා ගම සම්පූර්ණයෙන්ම කණපිට හරවා වෙනස් කරනු ඇති බවත් ඔහු පැවසීය.
මේ විදිහට ගියොත් වසර තුනක් හෝ හතරක් ගතවන විට සමාජය තුළ තමන්ගේ වර්ගයා බෝ කරන්න බැරි දරුවෙක් හදන තැනට පත්ව ඇති බවට ඔහු චෝදනා කළේය.
රටට විස මද්‍රව්‍ය ගෙනාවේ කවුදැයි ප්‍රශ්න කළ ඇමතිවරයා, ඒවා ගෙනාවේ දේශපාලඥයන් නොවේද යනුවෙන්ද විමසා සිටියේය.
යම්කිසි කෙනෙකුට මේ සම්බන්ධයෙන් ඔත්තු දීමට තිබේ නම්, වෙනත් කාටවත් දෙන එක සැකයක් නම්, කෙළින්ම තමන්ටම ලබා දෙන ලෙස නියෝජ්‍ය ඇමතිවරයා ඉල්ලා සිටියේය.
තමන් නම් ආරක්ෂාව ඉල්ලන්නේ නැති බවත් පැවසූ ඔහු පෙන්වා දුන්නේ, තවමත් මේ රටේ ජනතාවට තමන්ට ගහලා මරන්න තරම් හෝ වෙඩි තියලා මරන්න තරම් වුවමනාවක් නැති බවට තමාට විශ්වාස බවයි.
තමන් ඇමති බව සමහරවිට නොදන්නා බවත්, කිසිදු ප්‍රශ්නයකින් තොරව යාපනයට යන තෙක් යන්න පුළුවන් බවත් ඔහු සඳහන් කළේය.




