
ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කරන “මහා ජන හඬ” රැලියේදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත්කර තිබුණි.

එම නිවේදනයේ දැක්වෙන්නේ එම රැලිය පැවැත්වෙන පරිශ්‍රය අවට පිහිටි විභාග මධ්‍යස්ථානවල අද (21) පෙරවරු 08.30 සිට පෙරවරු 11.40 දක්වාත් පස්වරු 02.00 සිට පස්වරු 05.00 දක්වා අපොස උසස්පෙළ විභාගය පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඔවුන්ට බාධා එල්ල නොවිය යුතු බවය.
එබැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී එම පරිශ්‍රය තුළ පමණක් භාවිත කරන ලෙස පොලීසිය සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම විභාග සඳහා සහභාගීවන හා විභාග කටයුතු අවසන් කර පිටව යන සිසුන්ට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
ඒ අනුව රැස්වීම පැවැත්වෙන පරිශ්‍රයෙන් පිටත සවිකර තිබු ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත් කිරීමට පොලීසිය කටයුතු කළේය.




