
සමාජ ජාලාවල වැඩි වශයෙන් ඇත්තේ අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එනිසා ඒවායේ පලවන අසත්‍ය තොරතුරු වලට කිසිවෙකු කලබල විය යුතු නැති බවද ඒ මහතා පැවසීය.
සමාජ මාධ්‍යවල ඇති තොරතුරු වල විශ්වාසනීයත්වය මේ වන විට සෑහෙන ප්‍රමාණයකින් අඩු වී ඇති බවත් පැවසූ ඔහු සමාජ මාධ්‍යයන්හි තොරතුරු පළ කරන බොහෝ අය ව්‍යාජ මිනිසුන් බවද කියා සිටියේය.
එම තත්ත්වය මත සමාජ මාධ්‍යවල ඇත්ත නැත්ත තෝරාගැනීමේ ගැටලුවක් ඇතිවී තිබෙන බවද පැවසූ ඔහු පසුගිය දා විපක්ෂයෙන් නුගේගොඩ පැවැත්වූ රැස්වීමේ පින්තූර පවා සමාජ මාධ්‍ය ඔස්සේ සකස් කරන ලද බවත් පැවසුවේය
ලන්ඩනයේදී පැවැති ඉල් මහ සමරුව අමතමින් එම මහතා මෙම අදහස් පළ කරන ලදී.




