
චලෙයි ප්‍රදේශයේ ගංවතුර අවම කිරීමේ මෙහෙයුමක නිරතවී සිටියදී අතුරුදන් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් පස්දෙනා සොයා ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමින් දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් ඊයේ (01දා) කියා සිටියේය.

ඊයේ දහවල් වනතුරුත් අතුරුදන් වූ නාවික හමුදා නිලධාරීන් පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
අතුරුදන්ව සිටින නාවික හමුදා නිලධාරීන් සෙවීම සඳහා ජාත්‍යන්තර සහාය ද ලැබී ඇතිබව පැවසූ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ඒ සඳහා නවීන තාක්ෂණ ක්‍රමවේදයන් ද භාවිත කර ඇති බව කියා සිටියේය.
අධික ගංවතුර තත්ත්වය හමුවේ චලෙයි මෝයකට පුළුල් කිරීමේ මෙහෙයුමේ යෙදී සිටි මෙම නාවික හමුදා නිලධාරීන් පස්දෙනා අතුරුදන් වූයේ පෙරේදා (30දා) උදේ වරුවේය.
මෙම මෝයකට පුළුල් කර අධික ගංවතුර බැස යෑමට කටයුතු නොකළේ නම් ප්‍රදේශයේ ගම් කීපයක් යටවී විශාල හානියක් සිදුවීමට ඉඩ තිබිණි. මේ හේතුව නිසා ඇතිවී තිබූ අනතුරුදායක තත්ත්වය පවා ගණනකට නොගෙන මෙම නාවික හමුදා නිලධාරීන් අධික වර්ෂාව ද සහිත ප්‍රදේශය වෙත ගොස් මෝයකට පුළුල් කිරීමේ මෙහෙයුමේ නිරත වී සිට ඇත.
ඒ අවස්ථාවේ මෙම නිලධාරීන් අතර පණිවිඩ හුවමාරුව ඇනසිට ඇත. එසේ පණිවිඩ හුවමාරුව ඇනසිටීමෙන් පසු නාවික හමුදා මුදාගැනීමේ කණ්ඩායම් කීපයක් එම ප්‍රදේශය වෙත ගොස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි.




