
‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ දිස්ත්‍රික්ක 22ක මරණයට පත්වූවන්ට මරණ සහතික ලබාදීමට හැකිවන පරිදි නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

මහනුවර, නුවරඑළිය, බදුල්ල, කුරුණෑගල, මාතලේ, කෑගල්ල, ගම්පහ, මුලතිව්, අනුරාධපුරය, කොළඹ, යාපනය, පොළොන්නරුව, මන්නාරම, පුත්තලම, රත්නපුර, මොණරාගල, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කිළිනොච්චිය, වව්නියාව සහ කළුතර යන පරිපාලන දිස්ත්‍රික්ක සඳහා බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් පත්‍රය පෙරේදා (02දා) නිකුත් කර ඇත.
ඉහත දිස්ත්‍රික්කවල අතුරුදන්වූවන් වෙනුවෙන් බලපැවැත්වෙන පරිදි මරණ සහතික නිකුත් කිරීම සඳහා 2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 11 වන කොටසේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව 2025 නොවැම්බර් මස ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ නායයෑම් හා ගංවතුරෙන් හානියට පත් ‘ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ’ ලෙස ප්‍රකාශයට පත්කරමින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත




