
අශෝක රන්වල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීන් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට සමාජ ජාල වල මතයක් ගොඩනැගෙමින් තිබේ.

වැඩිපුරම එම මතය ගොඩනගමින් ඇත්තේ වත්මන් ආණ්ඩුවට ගොඩනැගීමට දායක වූ පිරිස් වලින් වීම විශේෂත්වයකි.
නමුත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක් රන්වල මහතා වෙනුවෙන් පෙනී සිටින අතර ඔහු ඉවත් විය යුතු බවට අදහස් පල නොකරයි.
රන්වල මහතාද මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැතත් ඇතිව තිබෙන තත්වය මත ඔහු දැඩි පීඩනයකින් සිටින බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.
කතානායක ධූරය දරද්දී ද ඔහු සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත කතානායක ධූරයෙන් ඉල්ලා අස්විය.
මෙවර රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් එළවන චෝදනා මත ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට බල කිරීම සිදු කර ඇත්තේ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වී වසරකට පසුවීම විශේෂත්වයකි.




