
කොළඹ වරාය පරිශ්‍රයේ බහාලුම් පැටවූ කන්ටේනර් රථ තුන්සීයකට අධික ප්‍රමාණයක් දින කීපයක සිට සිරව ඇතැයි බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට ලැබෙන ආධාර සහ උත්සව සමයේදී මෙරටට ආනයනය කරන භාණ්ඩ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා ඊයේ (15දා) සඳහන් කළේය.
ආනයනික බහාලුම් මේ වනවිට නිෂ්කාශනය වෙමින් පැවතියත් තවත් සැලකිය යුතු ප්‍රමාණයක් තවදුරටත් පරිශ්‍රයේ සිරව පවතින බවද කියා සිටි ඒ මහතා ආනයනික බහාලුම් නිෂ්කාශන කටයුතු නිසි ක්‍රමවේදයක් යටතේ සිදු නොවුණොත් ඉදිරි දිනවලදී බහාලුම් රථ විශාල ප්‍රමාණයක් තවදුරටත් සිරවීමේ ප්‍රවණතාවක් පවතින බවද සඳහන් කරයි.
මෙම තත්ත්වය අවසන් කිරීම සඳහා සිය සංගමය අදාළ බලධාරීන්ට දිගින් දිගටම දන්වා සිටියත් නිසි පිළියම් හෝ තාවකාලික ප්ලාස්ටර් විසඳුම් ලබාදී ඇතැයි හෙතෙම චෝදනා කරයි.
එදිනෙදාට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුව ඇති බැවින් රටේ ආහාර හිඟයක් ඇති නොකර මෙම ගැටලුවලට ඉක්මන් විසඳුම් ලබාදීමට විෂය භාර ඇමැතිවරයා ඇතුළු රජය කටයුතු කළ යුතු බවද බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය අවධාරණය කරයි.




