
2025 නොවැම්බර් මස 27 වනදා සිට දින කිහිපයක් ශ්‍රී ලංකාවට බල පෑ දිට්වා සුළි කුණිටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ භෞතික සම්පත්වලට කෘෂිකර්මාන්තය ඇතුළු ආර්ථික මර්මස්ථානයන් වෙත සෘජු ලෙස එල්ලවූ හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක ඉක්මවන බවත් එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක් ( හතරක්) පමණ වන බවත් ලෝක බැංකුව මෑතක නිකුත් කර ඇති ඇස්තමේන්තු ගත වාර්තාවක දැක්වෙයි.

ලෝක බැංකුවේ ඇස්තමේන්තු ගත වාර්තාවට අනුව මධ්‍යම පළාත වැඩි වශයෙන් මෙම දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්ව ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයට සිදුව ඇති භෞතික අලාභය ඩොලර් මිලියන 689 ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ. මාර්ග පාලම් දුම්රිය මාර්ග සහ ජල සැපයුම් ඇතුළු යටිතල පහසුකම්වලට සිදුව ඇති හානිය ඩොලර් බිලියන 1.735 ක් වන අතර එය මුළු හානියෙන් සියයට 42 ක් පමණ වෙයි. මෙම ආපදාව හේතුවෙන් ගොඩනැගිලි වලට සිදුව ඇති අලාභය ඩොලර් මිලියන 985 ඉක්මවන අතර ඒවා යළි ස්ථාපිත කිරිම සඳහා දැඩි වෙහෙසක් දැරිය යුතුව තිබේ. ලෝක බැංකු වාර්තාව අනුව කෘෂිකර්මාන්තයට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 814 ක් වෙයි. වී එළවළු ධාන්‍ය වර්ග පශු සම්පත් ඇතුළු කෘෂිකර්මාන්තයේ පුළුල් අංශ වෙත මෙම බලපෑම සිදුව තිබේ.
ලෝක බැංකුව නිකුත් කර ඇති මෙම තක්සේරුව මගින් අවධාරණය කරනුයේ, දරිද්‍රතාවය, සේවාවන් සඳහා සීමිත ප්‍රවේශය සහ දේශගුණික අවදානම් වලට නිරාවරණය වීම ඇතුළුව පෙර පැවති සමාජ,ආර්ථික, අවදානම් , විශේෂයෙන් කාන්තාවන්, ළමුන්, වැඩිහිටියන් සහ කාන්තා මූලික පවුල් සඳහා සුළි කුණාටුවේ බලපෑම් සහ මන්දගාමී ප්‍රකෘතිමත් වීම වැඩි කිරීමට ඉඩ ඇති ආකාරයයි. මෙහිදී වඩාත් අවදානම් සහිත ප්‍රජාවන් වෙත සහාය ළඟා වන බව සහතික කිරීම සඳහා ඉලක්කගත ප්‍රතිසාධන උත්සාහයන් අත්‍යවශ්‍ය වනු ඇත.
“අපි වඩාත්ම පීඩාවට පත් දිස්ත්‍රික්ක දෙස සමීපව බලන විට, ගැඹුරට මුල් බැසගත් අවදානම් ප්‍රජාවන් විශේෂයෙන් අවදානමට ලක් කර ඇති බව අපට පෙනේ,” යැයි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු සමූහයේ කළමනාකරු ගෙවෝර්ග් සර්ග්ස්යාන් පවසයි. “බදුල්ල, කෑගල්ල සහ පුත්තලම යන ප්‍රදේශවල බොහෝ නිවාස දැනටමත් දරිද්‍රතාවයෙන් පෙළුණු අතර දැන් එම නිවාස නිවාසවලට ඇති ඉහළම අලාභයන්ට මුහුණ දී සිටී. මහනුවර සහ නුවරඑළිය යන ප්‍රදේශවල, නිවාස හතරෙන් දෙකක් පමණ කාන්තාවන් හෝ වැඩිහිටි පුද්ගලයින් විසින් මෙහෙයවනු ලැබේ. කාන්තාවන් සහ ගැහැණු ළමයින් දහස් ගණනක් අවතැන් වී හෝ අනාරක්ෂිත නිවාසවල සිටිති. මෙම යථාර්ථයන් අවධාරනය කරන්නේ වඩාත්ම අවදානමට ලක්ව ඇති අය ආරක්ෂා කරන, ප්‍රජා කේන්ද්‍රීය ප්‍රතිසාධන උත්සාහයන් සඳහා අවශ්‍යතාවයයි”.යැයිද ඔහු තව දුරටත් සඳහන් කර තිබේ. සුළි කුණාටුවෙන් පසු වහාම, ලෝක බැංකු සමූහය දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවල යථා තත්ත්වයට පත් කිරීමට සහ අත්‍යවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් – සෞඛ්‍ය සේවා, ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ සම්බන්ධතාවය යථා තත්ත්වයට පත් කිරීමට සහාය වීම සඳහා අඛණ්ඩ ව්‍යාපෘති වලින් ඩොලර් මිලියන 120 ක් දක්වා බල ගන්නා ඇති බවත් සඳහන් කර තිබේ. මෙම වාර්තාව සෘජු භෞතික හානිය පිළිබඳ වේගවත් ඇස්තමේන්තුවක් සපයන අතර, ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණ අවශ්‍යතා මෙම සංඛ්‍යා සැලකිය යුතු ලෙස ඉක්මවා යනු ඇතැයිද අපේක්ෂා කෙරේ. මානුෂීය අවශ්‍යතා සපුරාලන, ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කරන, ඔරොත්තු දෙන නිවාස සහ යටිතල පහසුකම් ශක්තිමත් කරන සහ දේශගුණික හා ආපදා අවදානම් සලකා බැලීම් අනාගත සංවර්ධනයට ඒකාබද්ධ කරන පුළුල් ප්‍රතිසාධන උපාය මාර්ගවල වැදගත්කම වාර්තාව ඉස්මතු කරයි. මෙම තක්සේරුව සම්පූර්ණ කිරීමේදී ශ්‍රී ලංකා රජයේ නායකත්වය පිළිගන්නා බවත් ලෝක බැංකුව කියයි.. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාරය, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සමීප සහයෝගීතාවයෙන් කටයුතු කරන බවත් එහි් සඳහන් කර තිබේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් සිදු කර ඇති සමීක්ෂණයක් මගින්ද දිට්වා සුළි කුණාටුවේ හානිය සම්බන්ධ යෙන් වන වාර්තාවක් ද නිකුත් කර තිබේ.
මෙම සුළි කුණාටුවේ එක් කොටසක් ලෙස රට පුරා ඇති වූ ගංවතුර තත්වයද බරපතල හානි සිදු කර තිබේ .එක්සත් ජාතික්ගේ සංවර්ධන වැඩසටහන මගින් පෙන්වා දී ඇති ආකාරයට ලක්ෂ 23 ක පිරිසක් මෙම ගංවතුරට හසු වී තිබේ. ඒ අතර කාන්තාවයන් ලක්ෂ 12 ක් කුඩා දරුවන් 5,22,000 ක් සහ වැඩි හිටි පුද්ගලයින් 2,63,000 ක්ද ඇතුලත් වෙති.
මෙම බරපතල ගංවතුර හේතුවෙන් ඉඩම් හෙක්ටයාර් ලක්ෂ 11 ක් වසා ගත් බවත් එය රටේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් සියයට 20 ක් වන බවත් එම වාර්තාව සඳහන් කරයි. මෙම ආපදාව හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවාවන් රැසකට හානි සිදුව ඇති බවත් ඒවා යළි ස්ථාපිත කිරීම ඉතා අපහසු තත්වයේ පවතින බවත් එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ. ආපදා තත්වය ඇති වු ප්‍රදේශවල වැඩි ජීවත් වන වැඩි ප්‍රමාණයක් අනාරක්ෂිතව ජීවත් වන බවත් ඔවුන් සඳහා ස්ථීර විසඳුමක් අවශ්‍ය බවත් එහි පෙන්වා දී තිබේත
කොළඹ ගම්පහ ඇතුළු නාගරික ප්‍රදේශ වැඩි වශයෙන් ගංවතුරට යට වූ අතර එම ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පිරිස් වැඩි වශයෙන් ජීවත් වූ බවත් එහි සඳහන් වෙයි. ජලගැලීමට ශ්‍රී ලංකාවේ මුහුදු තීරය 12 වරක් රවුම් කිරීමට තරම් ප්‍රමාණවත් මාර්ග පද්ධතියක් ගංවතුරට හසුව තිබේ. එම ප්‍රමාණය කිලෝමීටර් 16,000 ක් වෙයි. දුම්රිය මාර්ගයේ කිලෝ මිටර් 278 ක් සහ පාලම් 480 ක් මෙම ජලගැලීම්වලට හසු වී හානියට පත්ව ඇති බව එක්සත් ජාතින්ග් සංවර්ධන වැඩසටහන ලබා දී ඇති දත්ත අනුව පෙනේ. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ පමණක් නායයෑම් 1200 කට වඩා සිදුව ඇති බව පවසා තබේ. එයින් මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් නායයෑම් 135 ක් සිදුව තිබේ. මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ නැගෙනහිර, සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල යන ප්‍ර දේශීය ලේකම් කොට්ඨාසවල නායයෑම් 70 ට වැඩි ප්‍රමාණයක් බැගින් සිදුව ඇති බව සටහන් වී තිබේ.
එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදල මගින් නිකුත් කර ඇති වාර්තාවට අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිම නායයෑම් ප්‍රමාණයක් සිදුව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙලෙස සටහන් කර තිබේ. උඩදුම්බර 135, ලග්ගල 84, ලුණුගල 71 යි .කොත්මලේ නැගෙනහිර 67 යි.පස්සර 60 යි, මීගහකිවුල 48 යි, සොරණාතොට 48 යි. රිදීගම 44 යි හඟුරන්කෙත 43 යි, කන්දකැටිය 43 යි, තලවකැලේ 39 යි, මැදදුම්බර 35 යි, මිනිපේ 33 යි , දෙල්තොට 27 යි, දොළුව 25 යි, මතුරට 25 යි, පාතහේවාහැට 24 යි, අඹන්ගඟ 22 යි, අරණායක 21 ක් වශයෙන් සටහන්ව තිබේ. තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 38 ක 20 කට අඩු ප්‍රමාණයකින් නායයෑම් සිදුව තිබේ.
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට 30 ක් කෘෂිකර්මාන්තය ආශ්‍රීත රැකියාවල නියුක්ව සිටින අතර එයින් වැඩි ප්‍රමාණයක් සහල් නිෂ්පානයේ යෙදී සිටිති. දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට කුඹුරු විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති නිසා දේශිය කෘෂිකර්මාන්තයට බරපතල බාධාවක් එල්ලවී ඇති බව එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන සිය වාර්තාව මගින් තව දුරටත් පෙන්වා දී තිබේ.
මුළු දිවයිනටම අඩු වැඩි වශයෙන් බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කුඹුරු හෙක්ටයාර් 5,30,000 ක් පමණ ගංවතුරට හසු වී හානියට පත්ව තිබේ. ගංවතුර හේතුවෙන් වැඩිම හානිය සිදුව ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුගාලග ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වන අතර එම කොට්ඨාසයේ කුඹුරු හෙක්ටයාර් 19,000 කට හානි සිදුව ඇති බවට ගණන් බලා තිබේ. ඒ වගේම වැලිකන්ද, මැදිරිගිරිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන, අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද කුඹුරු ඉඩම්වලට දැඩි හානි සිදුව තිබේ.
එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදල මගින් නිකුත් කර ඇති වාර්තාවට අනුව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ගංවතුරට හසුව හානියට පත් කුඹුරු පමාණය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙසේ සඳහන් කර තිබේ.
දිඹුලාගල හෙක්ටයාර් 18,920.9, වැලිකන්ද හෙක්ටයාර් 12,929.2 , මැදිරිගිරිය හෙක්ටයාර් 12,068. 2 , හොරොව්පතාන 10,877.1ථ, දෙහිඅත්තකණ්ඩිය හෙක්ටයාර් 10, 679.9 , කන්ඩාවලයි ( කිලිනොච්චිය) හෙක්ටයාර් 10,574.1, කෝරලයිපත්තු දකුණ හෙක්ටයාර් 10,322.4 ක් ලෙසද වාර්තා වී තිබේ. එයට අමතරව තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 300 කට වැඩි ප්‍රමාණයකට හෙක්ටයාර් 10,000 කට අඩු ප්‍රමාණයකින් හානි සිදුව ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.
2024 වසරේ ඇති වූ සුනාමියෙන් පටන් ගෙන මේ දක්වා අපේ රටට විවිධ ආකාරයේ ආපදාවන් රැසකට මුහුණ දීමට සිදුව තිබේ. ටික කාලයක් නිදහසේ සිටියොත් කොහේ හරි යන නැවක් හෝ අපේ මුහුදු සීමාවට පැමිණ ගිනි ගනී. මෙවන් තත්වය තුල 2020 කොවිඩ්. 2022 ආර්ථික අර්බුදය සමග මේ දිට්වාව මේ සියල්ල අපටම බලපෑ යුතුද?
ලංකාදීප




