
මාස 11 ක් පුරා පුරප්පාඩුව පැවැති විගණකාධිපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්. එස්. පී. ජයරත්න (සමුදිකා ජයරත්න) මහත්මියගේ නම අනුමත කිරීමට ව්‍යවස්ථාදායක සභාව ඊයේ (03 දා) කටයුතු කළේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ජනාධිපතිවරයා විසින් එම නම පසුගියදා ව්‍යවස්ථාදායක සභාවට එවා තිබූ අතර එය අධ්‍යයනය කිරීමෙන් පසුව ඊයේ රැස්වූ ව්‍යවස්ථාදායක සභාව ඒකමතිකව අනුමත කරනු ලැබීය.
විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ව්‍යවස්ථාදායක සභාව රැස්වී ඇති අතර එහිදී එකඟතාවට පත්වීමට නොහැකි වීම නිසා ජනාධිපතිවරයා මීට පෙර එවන ලද නම්වලට අනුමැතියක් නොලැබුණි.




