
මෙතෙක් රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකර නොමැති වුවත් ඉදිරියේ දී කප්පාදුවක් සිදුකිරීමට ඉඩකඩක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අද (17) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27.2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විදුලි කප්පාදුවක් සිදුකරන්නේදැයි සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, “තාම එක පැයක් විදුලිය කපන්නේ නැතුව අපි ගෙනියනවා, හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්” යනුවෙනි.




