
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශල්‍යකර්මයකට යොමු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (19) වරාය නගර කොමිෂන් සභා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
එම ශල්‍යකර්මය ඉතා සාර්ථකව අවසන් කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ඔහු කීය.




