
මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කිරීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගෙන ඇති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

ඔහු පවසන්නේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් වන විමර්ශන අඛණ්ඩව සිදුවෙමින් පවතින බවය.
මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා මේ බව කියා සිටියේය.
මත්ද්‍රව්‍ය ජාවාරම කලක පටන් මෙරට තුළ ඉතාමත් නිදහසේ පැවති බවත් එය පිරිසකගේ ආශිර්වාදයෙන් හා බලපෑම යටතේ ක්‍රියාත්මක වූ බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා
” මත්ද්‍රව්‍ය ජාවාරම කාලයක් තිස්සේ මේ රටේ ඉතාමත් නිදහසේ පැවතිච්ච දෙයක් සෑහෙන පිරිසකගේ ආශිර්වාදය බලපෑම යටතේ තමා ඒක කෙරුණේ.. නමුත් දැන් එහෙම වෙන්නේ නෑ ක්‍රමානුකූලව ඒවා පාලනය කරලා තියෙනවා.. ඒවා මේ රටෙන් තුරන් කරන්න ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම මේ දවස්වල නාවික හමුදාව ලොකු කාර්යභාර්යක් කරනවා.. ඊට අවශ්‍ය කරන තීන්දු තීරණ අරන් තියෙනවා.. මහජන ආරක්ෂක අමාත්‍යංශයට අවශ්‍ය කරන උපරිම සහයෝගය ලබා දෙනවා.. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමනුකූලව නැති කරලා දානවා.. ඊට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නවා.. මේවට සම්බන්ධ මහමොළකරුවන්ට, බිස්නස් කරන අයට ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ගවලට යටත් වෙන්න වෙයි”




