
“මම දැක්කා මැයි දින වේදිකාවේ අපේ ජනාධිපතිවරයා, ඇමතිවරු මහ උජාරුවට නැටු වාර්තා කියේවා. මම දැක්කා ජනාධිපතිවරයා කියනවා අම්මා, තාත්තා, පුතා.. ඔව් අම්මා, තාත්තා, පුතා අර පවුම් 90 මාලේ කරේ දාගෙන ඉන්න බල්ලා” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී දැඩි ප්රකාශයක් සිදු කළේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “මතක තියාගන්න 159 දෙනාටම කියන්නේ ගිහින් ජනාධිපතිවරයාට කියන්න මම කිව්වා කියලා.. අම්මා, තාත්තා, පුතා, පවුම් 90 මාලේ කරේ දාගත්තා බල්ලා නෙවෙයි” යනුවෙනි.
වත්මන් ආණ්ඩුවට දැඩි අනතුරු ඇඟවීමක් කළ නාමල් රාජපක්ෂ මහතා, “මොකාට මොනා කරන්න ගියත් ඔබ තමුන්නාන්සේලාගේ වංචා නම් යටගහන්න හම්බවෙන්නේ නෑ” යනුවෙන් ද අවධාරණය කළේය.




