
මහා භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලෙන් යම් කොටසක් එක්සත් ජනපදයේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ බැංකු ගිණුමකට බැර වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් එම පුවත්පත මේ බව අනාවරණය කර තිබේ.
කෙසේ වෙතත්, අතුරුදන් වූ මුළු මුදලින් කොපමණ ප්‍රමාණයක් අදාළ විදේශීය ගිණුමට මාරු කර තිබේද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන්ය.




