
රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්යග්රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්රයේදී ආරම්භ විය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මේ සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජතයින් රැසක් එක්ව සිටිහය.
රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේ මහතා ඉකුත් පෙබරවාරි 25 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමිනි.
අනතුරුව රැඳවුම් නියෝග මත සලේ මහතා එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින අතර එහිදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණි.




