
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,530ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ ගණන 29ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර ඇති වාර්තාවන්ට අනුව ජුනි මාසයට පමණක් ඩෙංගු රෝගීන් 13,689ක් වාර්තා වී ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මේ අතර, සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 51.90ක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙන අතර, දකුණු පළාතෙන් සියයට 16.18ක් වාර්තා වේ.
ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 112ක් මේ වනවිට හඳුනාගෙන ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තයන්ට අනුව කොළඹ දිස්ත්‍රිකයෙන් ඩෙංගු රෝගීන් 9,983ක් ගම්පහින් 8,809ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් 3,446ත් ලෙස වාර්තා වේ.




