
වත්මන් ආණ්ඩුව විසින් නෙලා ගනිමින් ඇත්තේ ඔවුන් විසින් වැපිරූ බීජ බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණඩාරිගොඩ පවසනවා.
ජනතා අපේක්ෂා ඉටු කිරීමට ආණ්ඩුවට ලබාදෙන්නේ තවත් ටික කාලයක් පමණක් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
විපක්ෂය පාරට නොබැස, දිගින් දිගටම නිහඬව සිටිනු ඇති බවට බලාපොරොත්තු නොවන ලෙසත්, මෙම සටන මාධ්‍ය සාකච්ඡාවලට පමණක් සීමා නොවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණඩාරිගොඩ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.




