
මහරගම අපේක්ෂා පිළිකා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ආධාර එකතු කිරීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් දී තිබේ. ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරන පරිදි, ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශය ලබාගෙන සතියක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා CIDයට දැනුම් දී ඇත.

අදාළ ස්කෑනර් යන්ත්‍රය මිලදී ගැනීමට කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියනයක මුදලක් ‘සිරිලිය සවිය’ පදනම මගින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුමකට තැන්පත් කර ඇති අතර, ඒ පිළිබඳ විමර්ශන සිදු කරන ලෙස මෙලෙස උපදෙස් ලැබී ඇත. පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ‘සුව උදාන’ ව්‍යාපෘතිය හරහා මෙම ආධාර ඉල්ලීම සිදුකර තිබුණද, මුදල් බැරවී ඇත්තේ ‘සිරිලිය සවිය’ ගිණුමකට බවයි.
තවද, රුපියල් මිලියන 50ක් පමණ වටිනා අදාළ PET ස්කෑනර් යන්ත්‍රය චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබියදීත්, යන්ත්‍රය මිලදී ගැනීමේ මුවාවෙන් පුද්ගලික බැංකුවලින් පවා මෙලෙස මුදල් එකතු කර තිබීම පිළිබඳව බරපතළ සැකයක් මතු වී තිබේ. නොමිලේ ලැබීමට තිබූ උපකරණයක් වෙනුවෙන් මුදල් රැස්කිරීම ‘සාපරාධී සාවද්‍ය පරිහරණයක්’ විය හැකි බව විමර්ශන අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.




