
හම්බන්තොට ජනතාවට රාජපක්ෂවරුන්ගේ මැර දේශපාලනය අමතක වී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ ප්රකාශ කරනවා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ජන හමුවක් අමතමින් මන්ත්රීවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මේ වන විට සිරගතව සිටින බවත්, ඔහු සිදුකර ඇති බවට ප්රකාශ වන දේවල් සත්ය නම්, ඔහු හිරගෙවල් 10 ක හෝ සිටීම නැවැත්විය නොහැකි දෙයක් බවයි.
2022 වසරේදී මේ රට බංකොලොත් කළ වරද නිවැරදි කරගෙන රාජපක්ෂ කෙනෙකු නැවත ජනාධිපතිවරයා බවට පත් කිරීමට තරම් මෙරට ජනතාවට මානසික ආබාධයක් නොමැති බව ද ඔහු සඳහන් කළා.
“මෙයා තමයි හොඳ කොල්ලා ජනාධිපති” ලෙස අත එසවිය හැකි මිනිසුන් සිටී නම්, ඔවුන් ‘බත් කන මිනිසුන්’ විය නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.




