
ගංජා අලෙවි කරමින් සිටි ගම්පොළ නගර සභා පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු එළඹෙන 30 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පොළ වැඩබලන මහේස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය අද නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ නිස්සංක පතිරණාලාගේ සුරේෂ් ඉන්දික කුමාර නොහොත් චමින්ද යන අයයි. ඔහු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණු (පොහොට්ටවේ) ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.
ෙ
මෙසේ දඬුවම් ලබා සිටියදීත් මොහු මෙවර පළාත් පාලන මැතිවරණයේදී මන්ත්‍රීවරයෙකු ලෙස ගම්පල නගර සභාවට පත් වූ අතර එහි පළමු මාසය ගතවීමටත් මත්තෙන් මෙසේ ගංජා සමඟ ගම්පොළ පොලිසියේ දූෂණ මර්ධන අංශ නිලධාරීන්ට හසුව තිබුණි.
දීර්ඝ කාලයක් තිස්සේ මොහු ගංජා, කසිප්පූ හා මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරු මත ගම්පොළ පොලිසිය තොරතුරු සොයමින් සිටියදී මොහුගෙන් ගංජා ග්‍රෑම් තුනක් රැගෙන යමින් සිටි අයකු හසුව උපාය දූතයකු මගින් මෙම මන්ත්‍රීවරයා ගංජා ග්‍රෑම් තිහක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.




