
ශිරන්ති රාජපක්ෂ අද (13) උදෑසන කොළඹ ජාතික රෝහලේදී එන්ජියෝග්රෑම් (Angiogram) පරීක්ෂණයකට ලක් කළ බව කැබිනට් මාධ්ය ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස පවසනවා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එහිදී ඇයට ඇති තත්ත්වය හඳුනාගෙන සැත්කමක් කළ යුතුද නැතහොත් ලබාදෙන ප්රතිකාර මොනවාද යන්න සම්බන්ධයෙන් වෛද්ය මණ්ඩලයක් විසින් තීරණය කරනු ඇති බවයි අමාත්යවරයා සඳහන් කළේ.
කෙසේ වෙතත්, අද (13) අධිකරණය හමුවේ ඇය සැත්කමකට භාජනය වන බවට ප්රකාශ කරන අවස්ථාවේදීත් ඇය සැත්කමකට ලක්ව නොසිටි බවයි කැබිනට් මාධ්ය ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.




