
ආරක්ෂාව නැතුව වැඩ කරනවයි කියපු කට්ට්ය ඊට පරස්පර විදියට හැසිරෙන විට ඒ සියලු දෙනා රට ඉදිරියේ හෑල්ලු වන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නීතීඥ අජිත් පී පෙරේරා මහතා පවසනවා.
“මේ අය කිව්වේ එම්බියුලන්ස් විතරයි VIP කියලා. අද මෙයාලටත් VIP ආරක්ෂාව” මන්ත්රීවරයා කීවේය.
රටේ අවි ආයුධ පාතාලය නිසා ජනාධිපතිවරයාට බැරෑරුම් ආරක්ෂාවක් ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ සිටින්නේ යැයි ද මෙතන ප්රශ්නය නම් ආරක්ෂාව ගන්නේ නැහැ කියලා ඇවිත් ගන්න එක යැයිද ඔහු පැවසීය.




