
ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
38 හැවිරිදි මැක්ස්වෙල් පළමු පෙළ ක්‍රිකට් තරගවලින් ද ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, 2027-28 බිග් බෑෂ් ලීග් තරගාවලිය සඳහා ඔහු ක්‍රීඩා කරනු ඇති බව ද සඳහන්.

පසුගිය වසරේ ජුනි මාසයේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ග්ලෙන් මැක්ස්වෙල්, ඉන් අනතුරුව විස්සයි20 ජාත්‍යන්තර තරග සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළේය.
පසුගිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ද ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ අතර, එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු විය.
කෙසේ වෙතත්, නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව මැක්ස්වෙල් සඳහන් කර තිබේ.




