
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ සංශෝධන ඇතුළත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
එම තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වැනි වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබූ බව කථානායකවරයා සඳහන් කළේය.

වැඩබලන නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධන මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද අතිරේක සංශෝධන ද පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කළ යුතු බව අධිකරණය තීරණය කර ඇත.
ඒ අනුව, වැඩබලන නීතිපතිවරයා ලබාදුන් එකඟතාවන්ට අනුව පනත් කෙටුම්පතේ පහත වගන්ති කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කළ යුතු වේ.
2, 3, 4, 5, 7, 8, 9, 10, 11, 12, 14, 15, 16, 17, 20, 21, 23, 24, 25, 29, 30, 31, 32, 33, 34, 36, 37, 39, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 57, 58, 61, 62, 63, 64, 65 සහ 66 යන වගන්ති ඒ අතරට අයත් වේ.
එමෙන්ම, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතේ 6 වැනි වගන්තිය ඉවත් කළ යුතු බවත්, පළමු උපලේඛනයේ 15, 16, 17 සහ 33 යන අයිතම ඉවත් කළ යුතු බවත් වැඩබලන නීතිපතිවරයා යෝජනා කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය පාර්ලිමේන්තුවේ නිල වාර්තාවට ඇතුළත් කරන ලෙස ද කථානායකවරයා මෙහිදී නියම කළේය.




