
නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රුපියල් 130,000ක දඩයක් සහ වසර පහකට අත්හිටවූ මාසයක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අද (25) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
2023 දෙසැම්බර් 5 වැනිදා සිට 2024 ඔක්තෝබර් 4 වැනිදා දක්වා කාලය තුළ ලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කිරීමේ චෝදනාවට හිටපු අමාත්‍යවරයාට රුපියල් 5,000ක දඩයක් නියම කෙරිණි. එම දඩ මුදල නොගෙවන්නේ නම් මාසයක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ ලිඛිත අනුමැතියකින් තොරව එකලස් කළ වාහනයක් බව දැනුවත්ව එය ධාවනය කිරීමේ චෝදනාවට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇත.
එම චෝදනාවට අදාළව මාසයක ලිහිල් සිරදඬුවමක් ද නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය.
අදාළ කාලසීමාව තුළ වාහනයේ අංක තහඩුව වංචනික ලෙස සවිකර භාවිත කිරීමේ චෝදනාවට ද වරදකරු වූ හිටපු අමාත්‍යවරයාට රුපියල් 25,000ක දඩයක් නියම කෙරිණි. එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.




